FAST NEWS

24×7 Around the Globe

මධූෂ් සිදුකල අපරාධ පනහක් සම්බන්ධයෙන් වාර්තා කැදවේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පාතාල නායක මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ 50 කට සම්බන්ධ පොලිස් වාර්තා කැදවා ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
මීට වසර 08 කට පෙර සිදුවී ඇති අපරාධ සහ පසුගිය වසර 02 කට පමණ පෙර මධුෂ්ගේ අනුබලදීමෙන් සිදුවූ ඝාතනවලට අදාලව ද පරීක්ෂණ වාර්තා කැදවා තිබේ.
මේ අතරට පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනයට තැත් කිරීම , සමයං ඝාතනය ඇතුඵ තවත් අපරාධ රැසක් ඇතුලත්ව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතන සැලැස්මට මධුෂ්ගේ ඇති සම්බන්ධතාව පිළිබඳව ලබන 17 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව පොලිසිය කියයි.