FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක්..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – පාස්කු ඉරිදා ඉල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිරිසකගේ අත්සන් ඇතිව මෙම යෝජනාව භාරදුන් බවත්, ඊට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම විපක්ෂයේ පොහොට්ටු පක්ෂයේ මන්තී‍්‍රවරුන් ද අත්සන් කළ බවත් සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එම යෝජනාව පිළිබඳව මීළඟ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට ගන්නා බව ද හෙතෙම කීය.