FAST NEWS

24×7 Around the Globe

IOC ඉන්ධන මිල සංශෝධනය කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් අඩු කිරීමටත්, පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 5.00 කින් වැඩි කිරීමටත් තීරණය කළ අතර , ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 104 ක් ලෙසයි. 
එමෙන්ම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල, වන්නේ රුපියල් 140 ක්.
ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
කෙසේ වෙතත්, එහිදී ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවූයේ නොමැත.