FAST NEWS

24×7 Around the Globe

වයඹට පමණක් ඇඳිරි නීතිය තවදුරටත්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (14) අළුයම 4.00 දක්වා පැනවු පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයටද පැනවු පොලිස් ඇඳිරි නීතිය අද (14) උදෑසන 06 ට අවසන් වී ඇත.
කෙසේ වෙතත් වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.