FAST NEWS

24×7 Around the Globe

වැඩ බලන පොලිස්පතිට අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ පොලිස්පති චන්දන වික්‍රමරත්න පත් කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමීව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (13) පස්වරුවේ  කථානායකවරයාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.
එහිදී, වැඩ බලන පොලිස්පති ධුරය  සඳහා චන්දන  දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපතිතුමා  විසින්  යොමුකර තිබූ නිර්දේශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  අනුමැතිය හිමි  විය.