(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හෙට (14) පෙරවරු 04 වන තෙක් ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය,හෙට්ටිපොල, බිංගිරිය, රස්නායකපුර,කොබෙයිගනේ හා දුම්මලසුරිය යන පොලිස් බලප්‍රදේශයන්ට ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ එම ප්‍රදේශ තුළ යළත් වරක් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ..
ඊයේ (12) රාත්‍රියේද මෙම ප්‍රදේශවලට අද (13) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබුණි.









