(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කළා යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ විභාගය ජුලි මස 29 වනදා දක්වා කල් තැබීමට අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මෙම පැමිණිල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබුනත් එහි එක් විනිසුරුවරයෙක් වන විජිත් මලල්ගොඩ විනිසුරුවරයා ජනාධිපති පරීක්ෂණ කොමිසමක විමර්ශන කටයුතුවලට සහභාගි වන හෙයින් මෙම නඩුවේ විභාගය ජුලි මස 29 වනදාට කල් දමන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (13) නියම කළේය.
එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්රීපුද්ගල විනිසුරු මඩුල්ල අවවාද කළේය.








