FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධිව මසුන් ඇල්ලු 09 ක් අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොල්මල්කුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (12) සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් නවදෙනෙකු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි තිබී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධී දැල් 02 ක් සහ ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 400 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 51 ත් අතර පසුවන පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නාවික හමුදා නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී ධීවර කටයුතු සඳහා යොදාගත් ධීවර ආම්පන්න කුච්චවේලි ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.