FAST NEWS

24×7 Around the Globe

දෙමළ ගුරුවරුන් 314 ක් දකුණු පළාතට බඳවා ගැනීමට සුදානමක්.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙමළ භාෂා ගුරුවරුන්ගේ අඩුවක් තිබීම හේතුවෙන් දකුණු පළාත සඳහා දෙමළ භාෂා ගුරුවරුන් 314 දෙනෙකු  බඳවා ගැනීමට  දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකොන් මහතා පැවසුවේ සති දෙකකට පමණ ඉහතදී මේ සඳහා අයදුම්පත් කැඳවූ අතර මාස දෙකක් ඇතුළත දෙමළ භාෂා ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කරන බවයි.

දැනට දකුණු පළාත තුළ ගුරුහිඟයක් නොමැති වුවත් අගොස්තු මස 01 වැනිදා වන විට ගුරු පුරප්පාඩු 1700ක් ඇතිවන බවත් ඒ සඳහා ගුරුවරුන් බදවා ගැනීමට විභාග පවත්වා සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටින බවත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසයි.