(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරගම ජාතික පාසල ආසන්නයේ පොලීසියට ලද තොරතුරක් මත මාවතක සිදු කල වැටලීමකින් හෙරොයින් ග්රෑම් 501 යි මිලිග්රෑම් 60ක් සමඟ සැකකරුවෙක් ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු අදාළ හෙරොයින් යතුරුපැදියකින් ප්රවාහනය කරමින් සිටියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක් වු අලුබෝමුල්ල ප්රදේශයේ පදිංචි තරුණයකි.
සැකකරු අද(13) පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.








