(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රජයේ පාසල්වල ප‍්‍රාථමික ශ්‍රේණියේ සිසුන්ගේ දෙවන පාසල් වාරයේ අධ්‍යයන කටයුතු යටතේ අද (13) ආරම්භ වේ.
මෙය අදියර 02ක් යටතේ සිදුවෙන අතර ඉකුත් 06 වැනිදා පළමු අදියර 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් වෙනුවෙන් පන්ති ආරම්භ කෙරිණි.
එහෙත් ඉකුත් සතිය පුරා සිසුන්ගේ පාසල් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුනත් අධ්‍යාපන බලධාරීන් විශ්වාස කරන්නේ අද (13) සිට යළි පාසල් වෙත පෙර පරිදි සිසුන් පැමිණෙනු ඇති බවයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පාසල් ආරක්ෂාව තහවුරු කර ඇති බව ඊයේ (12) අවධාරණය කළේය.








