FAST NEWS

24×7 Around the Globe

රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු හෙට (13) ඇරඹේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ පාසල්වල ප්‍රාථමික අංශයේ දෙවන වාරයේ අධ්‍යයන කටයුතු හෙට (13) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
කතෝලික පාසල්වල අධ්‍යයන කටයුතු ද මෙම සතිය තුළ ආරම්භ කරන බවට මීට පෙර ප්‍රකාශ කළද ඒ සම්බන්ධයෙන්ද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අඟරදගුරු පදවියේ ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් සඳහන් කළේ.