FAST NEWS

24×7 Around the Globe

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යන කටයුතු 13 සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා ආරම්භ කරන බව එහි උපකුලපති ආචාර්ය බී.ඒ. කරුණාරත්න මහතා සඳහන් කළේය.
එම සිසුන්ට අද (12) දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ නේවාසිකාගාරවලට පැමිණිය හැකි බව හෙතෙම  කීය.
ලබන 15 වනදා වෛද්‍ය පීඨයේ සෙසු වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන බවත් එම සිසුන්ට ද නේවාසිකාගාරවලට පැමිණිය හැක්කේ, ඊට පෙර දින දහවල් 12 සිට පස්වරු 4 දක්වා කාලය තුළදී බවත් පවැසීය.
රජරට විශ්වවිද්‍යාලයේ සෙසු පීඨ ආරම්භ කරන දිනය පිළිබඳ පසුව තීරණයක් ගන්නා බව උප කුලපතිවරයා සඳහන් කළේ ය.