FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමඟ සැකකරුවන් 2ක් නාවික හමුදා භාරයට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වෙත්තලකර්නිවලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාවේ අනුයුක්ත සෙබළුන් පිරිසක් සිදුකළ මුර සංචාරයකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 79.3 ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මගින් මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසිය වෙත භාරදීමට නියමිතයි.