FAST NEWS

24×7 Around the Globe

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කුරුණෑගල ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (11) පුද්ගලික බැංකුවක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එහිදී සැකකරු සතුව තිබු රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 03ක් පොලීසිය බාරයට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (11) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් කුරුණැගල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.