FAST NEWS

24×7 Around the Globe

නිතිවිරෝධිව ‘ රා’ නිෂ්පාදනය කල බලපත්‍රලාභින් 4ක් අත්අඩංගුවට.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පුත්තලම දිස්ත්‍රික්කයේ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අද (11) සිදුකළ විශේෂ වැටලීමකදී බලපත්‍ර නීති උල්ලංගණය කරමින් ‘ රා’ ලීටර් 4600කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි.

ඒ මාරවිල ,වලහපිටිය, මහවැව සහ මුට්ටිබැදිවිල ප්‍රදේශවල සිදුකල සෝදිසි මෙහෙයුමකදීය.

එමෙන්ම අත්අඩංගුවට ගත් රා ලීටර් වල කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද රා ද අඩංගු බව පොලිසිය සඳහන් කරයි.