(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උත්තරා දේවී දුම්රිය කොඩිකාමම් දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු පමණක් සිට ඇති බවත් අනතුරෙන් එම පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි.








