FAST NEWS

24×7 Around the Globe

සූරියවැව සති පොළට සතියක වාරණයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් අධිකරණය විසින් නවීකරණය කෙරුණු සූරියවැව මහජන පොළෙහි වෙළදාම් කිරීම දින 07 කට අත්හිටුවමින් සූරියවැව ප්‍රාදේශීය සභාවට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, එම පොළ නිසි පරිදි වැඩ අවසන් කර සූරියවැව ප්‍රාදේශීය සභාවට භාර දෙනතුරු එහි වෙළදාම් කටයුතු සිදුනොකරන ලෙස වාරණ නියෝගයක් ලබාදෙන්නැයි සූරියවැව පොලීසිය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්.

නවීකරණය කෙරුණු පොළ භූමිය නිසි පරිදි භාරදීමට පෙර එහි වෙළදාම් කටයුතු සිදුකිරීමෙන් ඉදිකිරීම් සදහා රැගෙනවිත් ඇති දේපලවලට හානි සිදුවිය හැකි බව පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සූරියවැව පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.