FAST NEWS

24×7 Around the Globe

අවසරයකින් තොරව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය වහාම භාරදෙන්න – පොලිසිය..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අවසරයකින් තොරව ළඟ තබාගෙන සිටින පුපුරණ ද්‍රව්‍ය වේනම් මැයි මස 14 දින පෙරවරු 6.00 ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අනුව අද (11) සිට මැයි 14 පෙරවරු 6 දක්වා දින 03 ක කාලයක් තුළ මෙම අවස්ථාව ලබාදී ඇත.
බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන්ට ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීමට අවස්ථාව ලබා දීමට පොලීසිය ක්‍රියාකර ඇත.
එහිදී බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින තැනැත්තන් විසින් එකී පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් එය තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති වෙත දැනුම් දිය හැකිය.