FAST NEWS

24×7 Around the Globe

උතුරේ පාසල් ළමුන්ගේ පැමිණීම යහපත් මට්ටමක..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට තුළ පැවති තත්ත්වය හමුවේ ප්‍රමාද වී ආරම්භ කරනු ලැබූ පාසල් දෙවන වාරයේ උතුරු පළාතේ පාසල් වෙත මේ වන විට දරුවන් 70% ක් පමණ පිරිසක් දිනපතා පැමිණෙමින් සිටින බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්. සත්‍යසීලන් මහතා සදහන් කරයි.
දෙවැනි පාසල් වාරය ආරම්භවීමත් සමඟ පාසල් වෙත දරුවන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පැවතියත් අද (10) දිනයේ පාසල් ද්විතීය පන්ති වෙත දරුවන් 70% ක් පමණ පිරිසක් පැමිණ සිටින බව ලේකම්වරයා පැවසීය.
පාසල් අවට ප්‍රදේශ වෙත ආරක්ෂක අංශ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර, උතුරු පළාතේ පාසල් වෙත පාසල් දෙමාපියන්ද ආරක්ෂාව සපයමින් සිටින බවද ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේය.