FAST NEWS

24×7 Around the Globe

2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරිම 15 සිට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බවත්, ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමුවනදා සිට සිදුකිරීමට නියමිතය.
මේ අතර මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද මහජනතාවට සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙන බවත්, ඒ අනුව ආකෘති පත්‍ර රජයට අමතරව ලබාදෙන ලේඛනයේ වයස අවුරුදු 15 සිට 18 දක්වා වූ පිරිස් සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් කළ යුතු බවත් එම කාර්යාලය කියයි.