FAST NEWS

24×7 Around the Globe

කටුනායක ගුවන් මගීන් වෙනුවෙන් නව වැඩ පිළිවෙලක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙ ආරක්ෂාව තර කිරීමත් සමඟ මගීන්ට ඇතිවූ අපහසුතාවයන් මගහරවා ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විදෙස්ගතවීම සඳහා පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහනවල සිට ගුවන්තොටුපොළ පර්යන්තය දක්වා මෙන්ම විදෙස් රටවල සිට පැමිණෙන මගීන් ගුවන්තොටුපොළ පර්යන්තයේ සිට ඔවුන්ගේ වාහන වෙත සැළකිය යුතු දුර ප්‍රමාණයක් ඇවිද යාමට සිදුවුයේය.
කෙසේ වෙතත් එම අපහසුතාවයන් වළක්වා ගැනීමට මේ වනවිට ගුවන් තොටුපොළ පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු දක්වා රථවාහන ගමන් කිරීමට අවසර ලබා දී ඇති බවද එම නිවේදනයෙහි සදහන් වෙයි.
එසේම ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මගීන් සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ක්‍රමවේදයක් සලසා ඇති බවද එහි වැඩි දුරටත් සඳහන් වෙයි.