FAST NEWS

24×7 Around the Globe

උඩවලව වනෝද්‍යානයට අනවසරෙන් ඇතුළු වූ දෙදෙනෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උඩවලව ජාතික වනෝද්‍යානයේ මවුආර ජලාශය ආසන්න ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සතුන් දඩයමේ යෙදුණු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ ගිනි අවිය උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවි කාර්යාලයට භාර දී ඇත.
මේ අතර, එම වනෝද්‍යානයේ දිවිතුරුගල ප්‍රදේශයේදී ද සිදුකළ වැටලීමකදී අනවසරයෙන් වනෝද්‍යානයට ඇතුළු වී සිටි තවත් සැකකරුවෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.