FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තුන්වන දිනටත් විවාදයක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂය ඉල්ලා සිටි විවාදයේ තුන් වන දිනය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
පසුගිය අඟහරුවාදා සහ බදාදා දෙදින ද මේ සම්බන්ධයෙන් වන විවාදය පැවති අතර , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ විවාදය සඳහා කථිකයන් වැඩි දෙනෙකුටම අදහස් දැක්වීම සඳහා තවත් දිනක් අවශ්‍ය බවයි.