FAST NEWS

24×7 Around the Globe

චීන රජය පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 10ක් පරිත්‍යාග කරයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදුකරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් අනතුරුව මේ වන විට එහි පරිවර්තන රැසක් සිදු කර තිබෙන අතර දිවයින පුරා සියලුම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට ගෙන ඇති පියවර යටතේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව චීන රජය විසින් මෙම ජීප් රථ ප්‍රදානය සිදු කොට තිබේ.
ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් (Chang Xueyuan) මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවේය.
මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Image may contain: 6 people, people standing, suit, car and outdoor

Image may contain: 5 people, people standing and outdoor

Image may contain: 5 people