FAST NEWS

24×7 Around the Globe

ගුවන් නියමු පුහුණු කටයුතුවලට සීමා සහ නව නීති…

  (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ගුවන් නියමු පුහුණු කටයුතු සඳහා සීමා පැනවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ආරක්ෂාව උදෙසා මෙම පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.
ගුවන් යානා පුහුණු පාසල් වලින් සිදු කරන ගුවන් නියමු පුහුණු කටයුතු රත්මලාන ගුවන්තොටුපල සහ කටුකුරුන්ද ගුවන්තොටුපලවල් ආශ්‍රිතව සිදු කරනු ලබයි.
කෙසේවෙතත් අදාළ පුහුණු කටයුතු සඳහා ගුවන් හමුදාවේ උපදෙස් මත සීමා පැනවිමක් සහ නව නීති හදුන්වාදීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.