FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙක් කඩුවෙලදි අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තරුණයෙකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 556ක් පොලීසිය බාරයට ගෙන ඇත.
සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් වන බවත් ,ඔහු අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද එම කාර්යාලය කියයි.