FAST NEWS

24×7 Around the Globe

හෙට (10) කාළගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (10) මන්නාරම, වව්නියාව, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලටත් උතුරු මැද හා නැගෙනහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට උණුසුම් කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි.
මේ තත්ත්වය අනුව අදාළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවත් එම නිවේදනයේ දැක්වෙයි.
නිවෙස් තුළ සිටින රෝගී හා වැඩිහිටි පුද්ගලයන් පිළිබදව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත්, අධික වෙහෙසකාරී කටයුතු වලින් වළකින ලෙසත්, සුදු හෝ ළා පැහැති ඇඳුම් භාවිත කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.