(ෆාස්ට් නිව්ස් -කොළඹ) – මාකදුරේ මධුෂ්ගේ ගෝලයකු වන ඇට ඉන්දික නොහොත් සුනිල් ප්‍රේමරත්න ජීව අත්බොම්බයක් සමඟ කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුව ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කරණ්දෙනිය බෙංවල ප්‍රදේශයේ කාන්තාවන්ගෙ රන්මාල කැඩිමක් පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට සොයමින් සිටියදි ලද තොරතුරකට අනුව එගොඩවෙල ප්‍රදේශයේ දී වැටලිමක් කළ අවස්ථාවේදී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බොම්බයක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
හිටපු දකුණූ පළාත් සහා මන්ත්‍රීවරයෙක් වු ඩැනි හිත්තැටිය මහතා ඝාතන නඩුව ඇතුළු ඝාතන නඩු, හෙරොයින් නඩු 13 කට මෙම සැකකරු වරෙන්තු ලබා ඇති බවද පොලිසිය පවසයි.








