FAST NEWS

24×7 Around the Globe

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළිත් අභියෝගයක් වන ලකුණු..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ජලාශවල ජල ධාරිතාවේ සුවිශේෂි වැඩිවීමක් දක්නට නොලැබෙන බවද එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
වර්ෂාවට පෙර විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව පැවතියේ 29.9 ක මට්ටමක බවත් වර්ෂාවෙන් පසු එම ධාරිතාව වර්ධනය වී ඇත්තේ, 32.5 ක් දක්වා පමණක් බවත් ඔහු සඳහන් කළේ ය.
පවතින වියළි කාළගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.