FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ පස්වැනි වටයේ සාකච්ඡාවකට යයි..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සන්ධානයක් ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
දෙපාර්ශ්වය අතර අතර අද සිව්වැනි වටයේ සාකච්ඡාව අද (09) පැවැත්විණ.

ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව ආරම්භ වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සිව්වන සාකච්ඡාව පෙරවරු 10.15 ට පමණ විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වු බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
ඊට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත එක්ව සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසද එක්ව සිටින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.