FAST NEWS

24×7 Around the Globe

දරුවන්ට උදව් උපකාර සඳහා විශේෂ අංකයක්.

(ෆාස්ට් නිව්ස් | කොළඹ)රටේ වත්මන් තත්වයත් සමග දූදරුවන් සඳහා උදව් උපකාර අවශ්‍ය නම් 1929 අංකය අමතන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය දැනුම් දී තිබේ.

එහි සභාපති නීතීඥ එම්.එම්.අභයරත්න මහතා සඳහන් කලේ දෙවන පාසල් වාරය ඇරඹීම සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කරන බවයි.

මිට අමතරව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කියා සිටියේ දරුවන්ට අවට පරිසරය පිලිබද විමසිලිමත් වෙමින් අධ්‍යාපනය කටයුතු සිදු කරන ලෙසයි.