FAST NEWS

24×7 Around the Globe

ප්‍රවාහනයේ ගැටලු විසඳගන්න සත්‍යග්‍රහයක් ආරම්භ කරයි.

ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ මතුව ඇති අර්බුද විසඳීම සඳහා බලධාරීන්ට නැණනුවණ පහළවේවායි අධිෂ්ඨාන කරමින් ලංකාවේ ප්‍රවාහන සංගම් එකමුතුව කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිට අද (03දා) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මෙම අවස්ථාවට සහභාගී වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස් හිමියන්ගේ වෘත්තීය සමිති නියෝජනය කරන පිරිසක් සත්‍යග්‍රහයට එක්ව සිටින බවයි.

ජනවාරි 08 සිදුවූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සහ අගෝස්තු 17 සිදුවූ එක්සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය සඳහා මෙම ප්‍රවාහන සංගම් සහාය ලබාදුන්නද තමන්ගේ ඉල්ලීම් පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන් අවධානය යොමුකර නැතැයි ඔහු පැවසීය.

ප්‍රවාහන ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් පත්කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද විජේරත්න මහතා පවසා සිටියේය.