FAST NEWS

24×7 Around the Globe

ඕමාන නිල සංචාරය නිම කර ඇමති රිෂාඩ් දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  ඕමානයේ නිල සංචාරයක් සඳහා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ (07) දිනයේ යලි දිවයිනට ළඟා වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.
මෙම සංචාරය තුළදි ඕමාන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළීබඳ මෙහිදී අවධානය යොමුවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන රාජය නිරතුරුවම අවශ්‍ය උපකාර සිදු කරන බව ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති බවද එම අමාත්‍යාශය වැඩි දුරටත් සඳහන් කරයි.