(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වව්නියාව , මන්නාරම මාර්ගයේ පිහිටි මෙම ගම්මානයේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් ඊයේ (07) පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
ආරක්ෂක අංශ විසින් සෝදිසි කිරීමේදී නිවසේ ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක් තුළ මෙම හැඳුනුම්පත් සඟවා තිබියදී හමුවී ඇත.
මේ වනවිට එම හැඳුනුම්පත්වල හිමිකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.








