FAST NEWS

24×7 Around the Globe

සිසු සැරිය බස් රථ සියල්ල හෙට (09) සිට ධාවනයට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සිසු සැරිය සියලු බස්රථ හෙට (09) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලය ප‍්‍රකාශ කරයි.
පසුගිය සදුදා ධාවනයට යොදවා තිබුණේ බස්රථ 320 ක් පමණක් බවත් එය අඟහරුවාදා වන විට 651 දක්වා වැඩි කළ බවත් ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කළමනාකරු රජීව ඩිලුක්ෂ මහතා සදහන් කළේය.
හෙට (09) සිට බස්රථ 728 ක් ධාවනයට යොදවන බවත් ඒ අනුව දිවයින පුරා සිසු සැරිය සේවාව සාමාන්‍ය පරිදි ක‍්‍රියාත්මක කිරිමටයි පියවර ගන්නා බව හෙතෙම පැවසීය.