FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීමට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා නිර්දේශ ලබාගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එම කමිටුව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවිය.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යුහ ගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායි ක්‍රමෝපායික සැලසුමක් හා ව්‍යාපාර මෙහෙයුම් ආකෘතියක් සම්පාදනය කිරීම, මානව සම්පත ප්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහතික කරවීම, සන්නාම ප්‍රවර්ධන හා ක්‍රියාවන් උපයෝජනය කිරීම යනාදී අංශ පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශ මෙසේ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබේ.