FAST NEWS

24×7 Around the Globe

මදුෂ්ව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වේ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාතාල නායක මාකඳුරේ මධුෂ්ව පැය 72ක රැදවුම් නියෝගයක් මත ප්‍රශ්න කිරීම සිදු කරත් එම කාලය අදින් අවසන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මධුෂ්ට එල්ලවී ඇති චෝදනා රැසක් සම්බන්ධයෙන් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර ඇතැම් අපරාධ සිද්ධීන් වලට ඔහුගේ සම්බන්ධයක් නොමැති බව ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබේ.

එනමුත් ඔහුව තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.