FAST NEWS

24×7 Around the Globe

ඩ්‍රෝන යානා යවන්නන්ට නීතිමය පියවර – ගුවන් හමුදාව..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ ඇතිවූ සිද්ධි මාලාව හේතුවෙන් පසුගියදා ඩ්‍රෝන යානා පියාසර කරවීම තහනම් කරනු ලැබූ හෙයින්  මෙරට ගුවන් සීමාව තුල සියලුම ආකාරයේ ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත යානා පියාසර කරවන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ දිවයින තුළ සිදුකරනු ලබන සෝදිසි මෙහෙයුම්වලට බාධාවක් බැවින් ඩ්‍රෝන යානා සහ නියමුවන් රහිත යානා පියාසර කරවීම තහනම් කළ බවත් ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා සදහන් කරනු ලැබීය.