FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත ප්‍රහාරය පිළිබද දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිට..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 වනදා දිවයිනට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ආශ්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ පිළිබදව කියා සිටියේ ඊයේ (07) එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු විදෙස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී හමුවූ අවස්ථාවේදීයි.
එම වාර්තාව තමා වෙත ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීම සඳහා මෙලෙස එය නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
මේ වන විට ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණීමේදී සංචාරකයන්ට පනවා ඇති බාධා ඉවත් කරන ලෙසද ජනාධිපතිවරයා ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් ද කළේය.