FAST NEWS

24×7 Around the Globe

නීතිපති ධුරය සඳහා දප්පුල ද ලිවේරා..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (07) කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී  රැස්වූ අවස්ථාවේදී නීතිපති ධූරය  සඳහා ජනාධිපති නීතීඥ දප්පුල ද  ලිවේරා  මහතාගේ නාමයෝජනාව ඒකමතිකව අනුමත කර ඇති බව කථානායක මාධ්‍ය  අංශ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වැඩබලන නීතිපති ලෙසද ජනාධිපති නීතීඥ දප්පුල ද  ලිවේරා  මහතා පසුගියදා පත්කරන ලදි.