FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්- ඕමානයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අතර හමුවක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් පසුගිය 05 සහ 06 යන දිනයන්හිදි ඕමානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව හා ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිතභාවය පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළිබඳව  මෙහිදී දෙරටේ අමාත්‍යවරුන්  සාකච්ඡාවක නිරතවී ඇති අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන් රාජ්‍යය නිරතුරුවම අවශ්‍ය සෑම මොහොතකම උපකාර සිදුකරන බවද මෙහිදී ඕමාන් රාජ්‍ය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පොරොන්දු වී ඇත.
මෙම ඕමාන් සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්,මලික්ස මරවික්‍රම,කබීර්හෂීම් යන අමාත්‍යවරුන් සහභාගී වී ඇති අතර ඕමාන් රාජ්‍යය වෙනුවෙන් එරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි, ඛනිජ තෙල් අමාත්‍ය ආචාර්යය මොහොමඩ් හමීඩ් අල් රූමි හා ඕමානු රාජය අරමුද‍ල නියෝජනය කරමින් මුල්හාම් අල්ජාබ් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත.