FAST NEWS

24×7 Around the Globe

සන්නිවේදන ජාල අවහිර කරන උපකරණ සමග සැකකරුවෙක් අල්ලයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීගමුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (07) සිදුකරන ලද මෙහෙයුමකදී දුරකථන මාර්ග ඇතුලු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 08 ක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීගමුව – ලාසරස් මාවතේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.