FAST NEWS

24×7 Around the Globe

ඝාතනයකට වරදකරුවන් වූ සිව්දෙනෙකුට මරණය නියම වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීට වසර 12 කට පෙර ආරවුලක් හේතුවෙන් පුද්ගලයකුට පොලු වලින් ගසා පිහිවලින් කපා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ සිවුදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (07) මරණ දඩුවම් නියම කළේය.
අදාළ චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඩුවම් නියම වූයේ කොළඹ 14, ග‍්‍රැන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඕ.ඒ. දර්ශන, එච්.ටී. සිතකැලුම්, ටී. ජයන්ත හේරත් සහ ලතීෆ්ඞීන් මොහොමඩ් ඉම්රාන් නමැත්තන්ටය.
මෙම ඝාතනය අදාළ විත්තිකරුවන් විසින්ම සිදුකොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා ඔවුන්ට මරණ දඩුවම් නියම කළේය.