FAST NEWS

24×7 Around the Globe

නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 කට කැබිනට් අනුමැතිය..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්විය.
ජන අනුපාතය අනුව, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ නිසි පරිදි බෙදා වෙන් කිරීම යටතේ මෙම නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ආරම්භ කෙරෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.