FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ දෙමටගොඩ නිවසක් සී.අයි.ඩි ය භාරයේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ප්‍රාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහොමඩ් සහරාන්ට අයත් යැයි පැවසනේ දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ නිවස සිය භාරයට ගත් බව අපරාධ පරීක්ණෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවද එම දෙපාර්තුමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.
එසේම මෙම සිද්ධියට අදාලව මරණකරුවන්ගේ ඩී.එන් ඒ වාර්තා කැඳවා මරණ පරීක්ෂණ සාක්කි කැඳවීමට වහාම පියවර ගන්නා ලෙසට නියෝග කරමීන් ලබන 14 වැනි දින නඩුව යළි කැඳවීමටද අධිකරණය නියෝග කළේය.