FAST NEWS

24×7 Around the Globe

සංචාරක ව්‍යාපාරය යළිත් නගාසිටුවන්න සහන යෝජනා කිහිපයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග පහත වැටුණු සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට අදාළ සහන පිළිබද යෝජනා කීපයක් අද (07) ජනපතිගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජනාධිපති සහ වාණිජ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් ඊයේ (06) පස්වරුවේ පැවැත්වූ අතර ,ඊට සහභාගී වී සිටි සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම ව්‍යාපාර ඉදිරියට ගෙන යාමට සූදානම් බවයි.
එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ ගෙන ඇති වැඩපිලිවෙළ ජාත්‍යන්තරය වෙත නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් සංචාරක ක්ෂේත්‍රයට බාධා එල්ල වී ඇති බව ඔවුන් සදහන් කරයි.
එබැවින් ආරක්ෂාව පිලිබඳ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සියලු ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීමේ නිසි යාන්ත්‍රණයක අවශ්‍යතාවයද එහිදී ඔවුන් පෙන්වා දී තිබේ.