FAST NEWS

24×7 Around the Globe

තව්හිත් ජමාත් සංවිධානයේ කොළඹ සංවිධායක යළි රිමාන්ඩ්..

( ෆාස්ට් නිව්ස් – කොළඹ) – අද (07) දිනය දක්වා බන්ධනාගාරගතකර සිටි ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ දිස්ත්‍රික් සංවිධායක ලෙස සැලකෙන මොහොමඩ් පවාස් නැමැත්තාව ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය.
ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අයත් පෝස්ටර් දේශන අඩංගු අධි ධාරිතාවකින් යුත් දත්ත ගබඩා (පෙන්ඩ‍්‍රයිව්) දේශන සහිත වීඩියෝ ඇති ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ තොගයක් සමග කෙසෙල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ දී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය 27 වැනිදා අත්අඩංගුවට ගනු ලැබිය.