FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයට විදේශගත විම සඳහා අධිකරණයෙන් අවසර ලැබෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) අවසර ලබා දී තිබේ.
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තම සේවාදායකයාට මේ මස 15 වනදා සිට 19 වනදා දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව මෙම නඩුව අද(07) කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ ඉල්ලිම සැලකිල්ලට ගනිමීන් අධිකරණය මෙම අවසරය ලබා දුන් බව අප වාර්තාකරු කියයි.
ඒ අනුව දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින මෙන්ද අධිකරණය නියම කළේය.
ඒ අනුව ඩුවේ විභාගය ලබන 20 වනදා දක්වා කල් තැබීමටා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.
ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.