(ෆාස්ට් නිව්ස් – කොළඹ) රටේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් තහවුරු නොකළ තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් නිවේදනය කරමීන් කරමින් කියා සිටියි.
“අප්‍රේල් 21 දින සිදු වූ අවාසනාවන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක දී ශ්‍රී ලංකා පොලීසියට හැකියාවක් ලැබුණා,ප්‍රහාරයට පැමිණි සියලු දෙනා හඳුනාගන්නත්, සියලු දෙනම වගේ අත් අඩංගුවට ගන්නත් හැකියාව ලැබුණා.ඒ කණ්ඩායමේ බෝම්බ පිළිබඳ විශේෂඥයින් දෙදෙනෙක් සිටියා.ඒ දෙදෙනා මේ වනවිට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එසේම මේ ප්‍රහාරයට සහභාගී වූ පිරිස් අනාගතයේ දී ප්‍රහාර එල්ල කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය කොටසක් සඟවා තිබුණා. ඒ සියලු පුපුරන ද්‍රව්‍ය පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා.ඒ අනුව මේ ප්‍රහාරය සඳහා සහභාගී වූ සියලු දෙනාම හඳුනාගෙන තිබෙන අතර සෘජුව සම්බන්ධ අය අත් අඩංගුවට පත්ව හා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සියලු පුපුරන ද්‍රණ අත් අඩංගුවට පත්ව තිබෙනවා.
ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යනව.දිවයිනේ ඇදිරි නීතිය අප ඉවත් කොට තිබෙනවා. ඉස්ලම් භක්තිකයන්ගේ ආගමික ස්ථානවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. කතෝළික භක්තිකයන්ගේ ආගමික කටයුතු බොහෝ පළාත්වල සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් යනවා.
මෑතක දී අප මහජනතාව සමඟ එකතු වී ආරක්ෂව තහවුරු කර ගැනීම සඳහා පොදු ආරක්ෂක සැලැස්මක් සිදු කරගෙන යනවා.ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සමඟ අප එකතු වී වැඩකරනවා.පාසල් සම්බන්ධයෙන් දෙමව්පියන් දරුවන් සමඟ එකතු වී පාසලේ ආරක්ෂක විධිවිධාන කෙසේ සකස් කළ යුතු ද සම්බන්ධව දැනුම් දීමක් සිදු කරමින් යනවා.ඉන් අඳහස් වන්නේ නෑ පාසල්වලට සෘජු තර්ජනයක් තිබෙන බව. දැනුවත් විය යුතුයි. එයයි මේ දිනවල සිදු කරගෙන යන්නේ.
සමාජ ජාල මාධ්‍ය තුළින් නොයෙක් තහවුරු නොකළ තොරතුරු පැතිර යනවා.එවැනි තහවුරු නොකළ තොරතුරු සම්බන්ධයෙන් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසත් කිසියම් පහැදිළි කරගැනීමක් අවශ්‍ය නම් ආරක්ෂ අංශ හා පොලීසිය හමු වී පැහැදිළි කරගැනීමක් සිදු කරගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.